ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ 18ක්

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 18ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

ඊට ආසන්නතම සිදුවීම ඊයේ (07) රාත්‍රියේ ගාල්ල – මාගල්ල ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වන අතර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 25 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ඊයේ (07) රාත්‍රියේ ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළෙඳසැලක් ඉදිරිපිට ඉඩ තිබූ ස්ථානයකින් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර තිබෙනවා.

ඒ, සමඟ ගැටුමක් ඇති වී තිබෙන අතර, අනතුරව මෝටර් රථයේ පැමිණි පුද්ගලයා මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතුන් කිහිප දෙනෙකුට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් පැමිණ රියදුරුට හිරිහැර කළ පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඇති වූ ගැටුමේ දී අදාල 25 හැවිරිදි තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ (07) දිනයේ දී තවත් පුද්ගල මරණ දෙකක් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත වාර්තා වූ අතර පයාගල සහ බම්බලපිටිය යන ප්‍රදේශ වලින් මෙම මරණ දෙක වාර්තා වී තිබුණා.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇති දිගු පෝලිම් මේ වනවිට මිනිස් ජීවිත උදුරා ගන්නා අනාරක්ෂිත තැනක් බවට පත්ව අවසන්.

කෙසේ වෙතත් මේ වන විටත් දිවයින පුරා ඇති ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42