ඉන්ධන පෝලිමකදී තවත් පුද්ගලයෙකු දිවි ගමනට සමුදෙයි

ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් තවලම, හිනිඳුම ප්‍රදේශයේ ඉන්ධන හලකින් ඩිසල් ලබා ගැනිම වෙනුවෙන් පෝලිමක සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ. මේ අනුව දින තුනක් තුළ ඉන්ධන ලබා ගැනිම වෙනුවෙන් ඉන්ධන පෝලිම්වල සිටි පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඉන්ධන පෝලිමේ සිටියදී බිම ඇඳ වැටී ඇති මෙම පුද්ගලයා පසුව රෝහල්ගත කර ඇතත් ඉන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. හඹරකඩ පදිංචි අවුරුදු 43ක පුද්ගලයෙක් මේ අනුව ජිවිතක්ෂයට පත්ව ඇත.