spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන කෝටාව ලබන මාසයේ දී තවත් ඉහළට

සියලුම වාහන සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේ දී තවත් වැඩි කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අවශ්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමෙන් පසු මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කකළ බව ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, QR කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් ඇතුළු කරුණු මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව සඳහන්.

එමෙන්ම ඇගයීමෙන් පසු ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් වැඩි කෙරන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
23
+1
3
+1
2
+1
9
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?