ඉන්දු – ලංකා ගිවිසුමේ ඇති හිලක් ගැන උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුව ව්‍යාපෘතියට සහාය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණුවලට නඩු පැවරීමට නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටි බවයි.

අපි පසුගිය සතියේ ආණ්ඩුව විසින් ඉන්දියාව සමග අත්සන් කළ අනුර දිසානායක මැතිතුමාගේ වචනවලින් කියනවා නම් හොර ගිවිසුම් හතෙන් දෙකක් ප්‍රසිද්ධ කළා. ඒ ගිවිසුම් හෙළි කළාට පස්සේ ඒවායේ අන්තර්ගතය පිළිබඳ සමාජ සංවාදයක් ඇති කිරීම තමයි අපි බලාපොරොත්තු වුණේ. අපිම ඒ සංවාදය පටන් ගැනීම හොඳයි කියලා තීරණය කළා.

තෙල් නලය එලීමේ සහ තෙල් ටැංකි සංවර්ධන කිරීමේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ 7.2 (viii) වගන්තියෙන් මෙම ව්‍යාපෘතියේ වැඩ කරන්න එන ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහාය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණුවලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දෙනවා. දැනට එහෙම මුක්තියක් ලංකාවේ තිබෙන්නේ ජනාධිපතිවරයාට පමණයි. ඒ වගේම විදුලි රැහැන් ඇදීමේ ද්විපාර්ශ්වීය ගිවිසුමේ හත්වන වගන්තිය ලෙස ඒක එහෙම්මම තිබෙනවා.

ඉන්දියානුවන්ට විතරක් නොවේ ඒ අයගේ නියෝජිතයින් ලෙස වැඩ කරන දේශීය අයට එරෙහිවත් නඩු පවරන්න බැරි වෙනවා. එහෙම වුණොත් පරිසර දූෂණයක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් නඩු පවරන්න බෑ.

අපිට මතකයි. මන්නාරමේ අදානි සුළං ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අපේ පරිසරවේදීන් අදානි සමාගමට එරෙහිව නඩු පැවරුවා. එවැනි නඩු පැවැරීමක් මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරන්න බෑ විතරක් නෙමෙයි පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරිම පිළිබඳවත් මේ ගිවිසුම් දෙකෙම කිසිම සඳහනක් නෑ. එතනම බරපතළ පරිසර ප්‍රශ්නෙකුත් ඇති කරලා තියෙනවා.

ඒ වගේම ව්‍යාපෘතියේ වැඩ කරන සේවකයින් අසාධාරණ ලෙස ඉවත් කළොත් නඩු පවරන්න බැරි වෙනවා. ව්‍යාපෘතියෙන් අසල්වැසි ජනතාවට සිදු වන හිරිහැරවල දී ජනතාවට අසරණව ඒවා විඳ දරා ගන්නයි වෙන්නේ. ලංකාව තුළ කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තියෙන් නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියලා අපට ලබා දුන් මූලික මිනිස් අයිතිවාසිකම මේ වගන්තියෙන් අමු අමුවේ උල්ලංඝනය කර තිබෙනවා. ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්තියක් ලෙසයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (i) වගන්තිය සලකන්නේ. එවැනි වගන්තියක් උල්ලංඝනය වන ආකාරයටයි ආණ්ඩුව ගිවිසුම්වලට එළඹිලා තියෙන්නේ. එහෙනම් ‍මේ ගිවිසුම් නීති වීරෝධී ව්‍යවස්ථා විරෝධී කියන්න ඊටත් වඩා කරුණු අවශ්‍ය වෙන්නේ නෑ.” යනුවෙන් නීතිඥ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44