ඉන්දු – පාකිස්ථාන තරගයට ඩුබායි පොලිසියෙන් දැඩි ආරක්ෂාවක් – වැරදි කරන්නන්ට දැඩි දඬුවම්

ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ වඩාත් අවදානය දිනාගන්නා තරගය අද (14) රාත්‍රියේ දී පැවැත්වෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගය කෙරෙහි ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලීන්ගේ අවදානය මේ තරම් ඉහළ ගොස් ඇත්තේ දෙරට අතර පවතින දේශපාලන ආතතීන් හේතුවෙන්.

එවැනි පසුබිමක මෙම තරගයේ ආරක්ෂක රැකවල් දැඩි කිරීමට ඩුබායි පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායි පොලිසියේ මෙහෙයුම් සහකාර, ප්‍රධාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සයිෆ් මුහයර් අල් මැස්රෝයි පැවසුවේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම තරගයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ඒකක යොදවා ඇති බවයි.

ක්‍රීඩාංගණය තුළ සහ ක්‍රීඩාංගණයෙන් පිටත සිදුවන ඕනෑම බාධාවකට, කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

මහජන ආරක්ෂාවට ඇති තර්ජනවලට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, එවැනි තත්ත්වයන් ඇතිකරන පුද්ගලයින්ට දැඩි දඩ පැනවීම්, අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සිදුකරන බවත් ඔහු පැවසුවා.

මේ අතර පූර්ව අවසරයකින් තොරව තරගය පැවැත්වෙන පිටියට ඇතුළුවීම හෝ තහනම් ද්‍රව්‍ය (ගිනිකෙළි, දැවෙන ද්‍රව්‍ය, ලේසර්, කුඩ, විශාල කැමරා, සෙල්ෆි කූරු, තියුණු වස්තූන්, විෂ සහිත ද්‍රව්‍ය, කොඩි, බැනර්, සුරතල් සතුන්, දුරස්ථ පාලක උපාංග, බයිසිකල්, ස්කූටර්, ස්කේට්බෝඩ් සහ වීදුරුවලින් සාදන ලද ඕනෑම දෙයක්) රැගෙන යෑම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතිවාදී හෝ අපහාසාත්මක භාෂාව භාවිත කිරීම සම්බන්ධයෙන් ද දඩ මුදලක් සහ සිර දඬුවම් නියම විය හැකි බවයි ඩුබායි පොලිසිය සඳහන් කළේ.

මෙම තරගය මෙරට වේලාවෙන් අද (14) රාත්‍රී 8.00ට ආරම්භ වන අතර, ඩුබායි ක්‍රීඩාංගණයට 25,000කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙම තරගය නැරඹීම වෙනුවෙන් පැමිණෙනු ඇති බවයි පුරෝකථනය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39