ඉන්දුනීසියානු තානාපතිවරිය හා කථානායක ජගත් වික්‍රමරත්න අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.

පසුගියදා (09) පැවති මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූවා.

මෙම සාකච්ඡාව අතරතුර දී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දීර්ඝ කාලීනව පවතින කෘෂිකාර්මික, වෙළෙඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල පවතින ද්විපාර්ශ්වික සබඳතා අගය කළ කථානායකවරයා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.

මෙහිදී ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණු අතර ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ආශ්‍රිතව ක්‍රියාත්ම වන පැනොරමික් දුම්රිය (Panoramic Train) සම්බන්ධයෙන් ද එවා මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය සම්බන්ධයෙන් ද සාකච්ඡා වුණා.

එසේම මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ මට්ටමෙන් ක්‍රියාත්මක වන බතික් කර්මාන්තය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ද කථානායකවරයා මෙහිදී අදහස් පළ කළා.

ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන “Angklung” සංගීත භාණ්ඩය සමාජ සමගිය සහ සමාජ සහජීවනය පිළිබඳ සංකල්පය නිරූපණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද මෙහිදී කථානායකවරයා සුහදව අදහස් පළ කළා.

ජනතාවට වගකියන ආකාරයෙන් සහ දූෂණ අක්‍රමිකතාවලින් තොරව වර්තමාන රජය කටයුතු කරන ආකාරය පිළිබඳ මෙහිදී කථානායකවරයා පෙන්වා දුන් අතර මේ වන විට ශ්‍රී ලංකාව ආයෝජන ව්‍යාපෘති සිදු කිරීම සඳහා වඩාත් සුදුසු තත්ත්වයක පවතින බව ද හෙතෙම අවධාරණය කළා.

මෙහිදී වර්තමාන රජයේ වැඩපිළිවෙළ අගය කළ ඉන්දුනීසියානු තානාපතිවරිය, රජය සමග වඩාත් සුහදශීලීව කටයුතු කිරීමට බලාපෙරොත්තු වන බව පැවසුවා.

ඉන්දුනිසියානු මිත්‍රත්ව සංගමය ඉක්මනින් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මීට අමතරව ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා ද හමු වූ අතර එහිදී කෘෂිකාර්මික, ප්‍රවාහන, සංචාරක සහ සංස්කෘතික යන අංශ වල ද්වී පාර්ශ්වික සම්බන්ධතා වර්ධනය
කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු වුණා.

මෙම හමුව සඳහා අමාත්‍ය උපදේශක, ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති Fiki Oktanio මහතා සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Lailal Khairiyah Yuniarti මහත්මියද සම්බන්ධ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16