ඉන්දීය හිටපු ක්‍රීඩක විනෝද් කම්බ්ලිට එරෙහිව බිරිඳ නඩු මඟට

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විනෝද් කම්බ්ලිට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් අධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා.

කම්බ්ලි විසින් තමන්ට දරුණු අයුරින් වද හිංසා සිදුකරන බවටයි ඔහුගේ බිරිඳ වන ඇන්ඩ්‍රියා හෙවිටි විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ.

ඇන්ඩ්‍රියා චෝදනා කරන්නේ සිය සැමියා වන විනෝද් කම්බ්ලි තමන්ට මානසික හා ශාරීරික අන්දමින් වද හිංසනයන් සිදු කරන බවටයි.

කම්බ්ලි විසින් මත්පැන් පානය කර අවස්ථා ගණනාවක දී නිවස තුළ දී තමන්ට පහර දුන් බවත් ඇන්ඩ්‍රියා මෙම චෝදනා ගොනුකරමින් පවසා තිබෙනවා.

බන්ද්‍රා පොලිසියට අනුව, සිකුරාදා රාත්‍රියේ ඇන්ඩ්‍රියා පොලිසිය පැමිණ මෙම පැමිණිල්ල ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කම්බ්ලි, උයන භාජනයක කැඩුණු මිට තමන් දෙසට විසි කළ බවත්, එයින් තම හිසට තුවාල සිදු වූ බවත්, ඔහු තමන්ට පිත්තකින් පහරදීමට උත්සාහ කළ නමුත් එය ඔහුගේ අතින් උදුරා ගැනීමට සමත් වූ බවත්, ඒ හේතුවෙන් තම ජීවිතය බේරුණු බවත් ඇන්ඩ්‍රියා පවසා තිබෙනවා.

පසුව තමන් බන්ද්‍රා හි භාභා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත බවත් ඇය වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

ඒ අනුව ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාමය කඩ කිරීමේ චේතනාවෙන් අනතුරුදායක ආයුධයකින් ස්වේච්ඡාවෙන් තුවාල කිරීම සහ හිතාමතාම අපහාස කිරීම සම්බන්ධයෙන් කම්බ්ලිට එරෙහිව නඩු පවරා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම චෝදනා සම්බන්ධයෙන් කම්බ්ලිව අත්අඩංගුවට ගැනීමක් හෝ ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් තරග 17කදී මෙම හිටපු ඉන්දීය පිතිකරුවා ලකුණු 1084ක් ලබා ගත් අතර, එහි සාමාන්‍ය 54.20ක් ලෙස සටහන්ව තිබෙනවා.

එක්දින තරග 104කදී කම්බ්ලි ලකුණු 2,477ක් ලබා ගත්තේ සාමාන්‍ය 32.59ක් රඳවා ගනිමින්.

ඔහුගේ කෙටි ටෙස්ට් දිවිය තුළ ද්විත්ව ශතක දෙකක් ද රැස් කර තිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18