ඉන්දීය විදේශ ලේකම් සහ ජනපති රනිල් අතර හමුවක්

මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (11) දහවල් සිදුව තිබෙනවා.

මෙම හමුව ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු වී ඇති බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

ඉන්දීය විදේශ ලේකම්වරයා ඉන්දීය ගුවන් හමුදාවට ගුවන් යානයකින් ඊයේ (10) රාත්‍රියේ මෙරටට පැමිණියා.

විනේ මොහාන් ක්වාත්‍රා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස මෙරටට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහායි.