ඉන්දීය රාජ්‍ය බැංකුව රුපියල්වලින් ශ්‍රී ලංකාවට ගෙවීම් කරයි

ඉන්දියානු රාජ්‍ය බැංකුව ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා සිය පළමු ඩොලර් නොවන ගනුදෙනුව සටහන් කරමින් ශ්‍රී ලංකා රුපියල්වලින් ගෙවීමෙන් අවසන් කර තිබෙනවා.

ඇමරිකානු ඩොලර් හිඟ රටවල් වෙළඳ යාන්ත්‍රණයට ගෙන ඒමට ඉන්දියාව අපේක්ෂා කරන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ඩොලර් හිඟයක් හේතුවෙන් ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සමඟ තවමත් පොරබදමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

රුපියල්වලින් ද්වීපාර්ශ්වික වෙළඳාම් කිරීම සඳහා ඉන්දියානු රාජ්‍ය බැංකුව සමඟ ‘වොස්ට්‍රෝ ගිණුම්’ විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ බැංකුවලට පසුගිය දා අවසර හිමිවුණා.

ශ්‍රී ලංකාව සමඟ රුපියල්වලින් වෙළඳාම් කිරීම සඳහා වොස්ට්‍රෝ ගිණුම් පහක් විවෘත කිරීමට ඉන්දීය සංචිත බැංකුව ද අනුමැතිය ලබා දී තිබෙනවා.

ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඇමෙරිකානු ඩොලර් සහ අනෙකුත් විශාල මුදල් ඒකක වෙනුවට රුපියල් භාවිත කිරීමේ යාන්ත්‍රණයට රටවල් ගණනාවක උනන්දුව ඇතිවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07