ඉන්දීය යුද නෞකාවක් කොළඹ වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS NIREEKSHAK’ යුද නෞකාව ‘මිශ්‍ර වායු කිමිදුම් පුහුණු’ වැඩසටහනක් පැවැත්වීම සඳහා අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරුණා.

මෙලෙස කොළඹ වරායට පැමිණි Diving Support Vessel වර්ගයට අයත් ‘INS NIREEKSHAK’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Sailesh Kumar Tyagi කටයුතු කරනු ලබනවා.

මෙම යුද නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව මිශ්‍ර වායු කිමිදුම් පුහුණු වැඩසටහනක් පැවැත්වීමට නියමිතයි.

එමඟින් දෙරටේහි කිමිදුම් අංශයන්ගේ අත්දැකීම් හුවමාරුව සහ ශක්‍යතා වර්ධනය සඳහා අවස්ථාව සැලසීම අපේක්‍ෂා කෙරෙනවා.

එමෙන්ම, එහි නැව් මුළුව දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය හා සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණින් සංවිධානය කර ඇති වැඩසටහන් කිහිපයකට සහභාගී වීමටත්, සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා සංචාරයන්හි නිරත වීමටත් නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39