ඉන්දීය නිරූපිකාවක් හෝටලයක් තුළ දී ඝාතනය කරලා – සිරුර අතුරුදන්

ඉන්දීය නිරූපිකාවක් වන දිව්‍යා පහුජා, ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක දී ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇය භාවිත කළ බව කියන BMW වර්ගයේ මෝටර් රථය සොයාගැනීමට හැකි වූ බවයි ඉන්දීය පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත් ඇයගේ මළ සිරුර තවමත් සොයාගැනීමට හැකියාව ලැබී නැහැ.

දිව්‍යා පහුජා පසුගිය අඟහරුවාදා ඝාතනයට ලක්ව ඇති අතර, ඝාතකයන් විසින් ඇගේ සිරුර හෝටලයෙන් පිටතට මෝටර් රථයකට ඇදගෙන යන ආකාරය ආරක්‌ෂිත කැමරාවල සටහන්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම දර්ශන හරහා සැකකරුවන් පස්දෙනාගෙන් තිදෙනෙකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

පසුගිය අඟහරුවාදා පුද්ගලයින් පස්දෙනෙකු විසින් 27 හැවිරිදි දිව්‍යා පහුජා හෝටල් කාමරයකට කැඳවාගෙන ගොස් ඇති අතර, එහිදී ඇයගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සිරුර බ්ලැන්කට්ටුවකින් ඔතා හෝටලයෙන් පිටතට රැගෙන ගොස් ඇයගේ BMW රථයකයෙන් එය රැගෙන ගොස් බැහැර කර ඇති බවයි විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ.

ගුර්ගෝන් පොලිසිය විසින් BMW මෝටර් රථය ඊයේ (04) සවස පන්ජාබ් හි පටියාලා බස් නැවතුම්පොළක් අසල තිබී සොයාගෙන ඇති නමුත්, නිරූපිකාවගේ සිරුර මෝටර් රථයේ තිබී නැහැ.

කෙසේ වෙතත් නිරූපිකාවගේ සිරුර බැහැර කළ ස්ථානය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පොලිසිය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.

ඝාතනය ලක් වූ දිව්‍යා පහුජා මැර කල්ලියක සාමාජිකයෙකු සමඟ මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36