ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු උතුරු මුහුදේ දී අත්අඩංගුවට

යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අනවසර
ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු ඊයේ (27)
අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

උතුරු නාවික විධානය මගින් සිදු කරන ලද සෝදිසියක දී පේදුරුතුඩුව මුහුදු තීරයට ඔබ්බෙන් වූ ප්‍රදේශයක දී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇති අතර ඉන්පසුව සිදු කළ පරීක්ෂණයක දීයි අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනා
කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට පියවර ගැනුණා.

මේ අතර 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින් අනවසර ධීවර කටයුතු සිදුකළ
ඉන්දීය ධීවර යාත්‍රා 62ක් සහ ඉන්දීය ධීවරයින් 462ක් නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක
දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවට නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18