ඉන්දීය තරග සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නම් කළ මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ අනුමැතිය හිමිව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකට උප නායකයන් දෙදෙනෙකුගේ සහාය හිමිවීම විශේෂත්වයක්.

එක්දින තරග සඳහා උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී ඇති අතර 20යි 20 තරග සඳහා උප නායකත්වය පවරා ඇත්තේ වනිඳු හසරංගටයි.

භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර 20යි 20 තරගාවලියට පමණක් නම්කර තිබෙනවා.

එක්දින තරග සඳහා නුවනිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ නම්කර ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

සංචිතය

දසුන් ශානක – නායක
පැතුම් නිශ්ශංක
අවිශ්ක ප්‍රනාන්දු
සධීර සමරවික්‍රම
කුසල් මෙන්ඩිස් – එක්දින තරඟ සඳහා උප නායක
භානුක රාජපක්ෂ – T20 සඳහා පමණි
චරිත් අසලංක
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග – T20 උප නායකයා
අශේන් බණ්ඩාර
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ – එක්දින තරඟ සඳහා පමණි
චාමික කරුණාරත්න
ඩිල්ෂාන් මධුශංක
කසුන් රාජිත
නුවනිදු ප්‍රනාන්දු- එක්දින තරග සඳහා පමණයි
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මධුෂාන්
ලහිරු කුමාර
නුවන් තුෂාර – T20 සඳහා පමණි

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට සහභාගි වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56