ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් තරගයක් අතර තුර හදිසියේ මිය ගිහින් (වීඩියෝ)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් මිය ගිය පුවතක් එරට මාධ්‍ය අද (29) වාර්තා කර තිබෙනවා.

ඉම්රාන් පටෙල් නම් ක්‍රීඩකයා මෙලෙස මිය ගොස් ඇත්තේ ඊයේ (28) පැවති තරගයක් අතර තුරයි.

35 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ ගාවර් ක්‍රීඩාංගණයේ පැවති තරගයක දී පන්දුවට පහර දෙමින් සිටිය දී හදිසියේ අසනීප වී තිබෙනවා.

ආරම්භක පිතිකරුවෙක් ලෙස පන්දුවට පහරදීමට පැමිණි ඉම්රාන් පිටියේ ටික වේලාවක් ගත කිරීමෙන් පසු පපුවේ සහ අත්වල වේදනාව ගැන විනිසුරුවරුන්ට දන්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුට පිටියෙන් ඉවත් වීමට විනිසුරුවරුන් අවසර ලබාදීමේ පසු ඔහු ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමේ දී මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉම්රාන් පිටිය මැද ඇද වැටීමෙන් පසු ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, රෝහලට රැගෙන යන විටත් ඔහු අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

https://twitter.com/DeeEternalOpt/status/1862194697017368626?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1862194697017368626%7Ctwgr%5Eacc2e6edae96f541dfdaae0bd663b3481cb4b1dc%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fsports.ndtv.com%2Fcricket%2Fon-camera-cricketer-dies-of-cardiac-arrest-in-stadium-while-playing-in-pune-7130802


අපගේ නවතම වීඩියෝ පුවත්