ඉන්දීය අගමැති මෝදි තෙදින නිල සංචාරයකට අද දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (04) පස්වරුවේ මෙරටට පැමිණෙනනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙවර සංචාරයේ නිරත වනු ඇති.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමඟ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද මෙම සංචාරයට එක් වනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වන දා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, එදින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්, ද්විපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගි වීමටත් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගනු ඇති.

ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක් ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය විවෘත කිරීමත් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමටත්, ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන් විවෘත කිරීමටත් සැලසුම් කර ඇති.

අප්‍රේල් 06 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් නිම කරමින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55