අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තනි නොතනියට නව සාමාජිකයෙක් එක් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය බොහෝමයක් පෙන්වා දෙනවා.
ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කරන්නේ අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ ඡායාරූප සහ තොරතුරු පාදක කර කරගනිමින්.
මෙම අලුත් සාමාජිකයා අලුත උපන් ගව පැටියෙක්වන බවයි එම මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මෝදි එම ගව පැටියා නම් කර ඇත්තේ, ‘දින්ජෝති’ යනුවෙන්.
හින්දු සංස්කෘතියට අනුව හින්දු භක්තිකයන් ගවයාට දේවත්වයෙන් සලකන අතර මෝදි ද දැඩි හින්දු භක්තිකයෙක්.
මෝදි ගව පැටවා සුරතල් කරන වීඩියෝ දසුන් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.













