ඉන්දියාව සහ අප්‍රිකාව අතර සම්බන්ධය උත්කර්ෂයට නැංවේ

අප්‍රිකාව සමඟ ඉන්දියාවේ සම්බන්ධතාවය “කැළඹිලි සහිත ලෝකයක ස්ථාවරත්වය පිළිබඳ පණිවිඩයක්” ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පවසනවා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත 04 වන ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුවේ (IAFS-IV) තේමාව, වෙබ් අඩවිය සහ ලාංඡනය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින් ජයශංකර් පැවසුවේ, අප්‍රිකාව සමඟ ඉන්දියාවේ සබඳතා යටත් විජිත පාලනයෙන් නිදහස් වීම සඳහා වන පොදු අරගලය තුළ මුල් බැස ඇති බවයි.

දෙපාර්ශ්වය අතර සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස සංවර්ධන හවුල්කාරිත්වය සහ ධාරිතා වර්ධනය වන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව මැයි 28 සිට 31 දක්වා පැවැත්වීමට නියමිතයි.

උත්සව අවස්ථාවට නවදිල්ලියේ පිහිටි අප්‍රිකානු රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ තානාපතිවරු සහභාගී වි සිටියා.

ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුවේ තුන්වන සංස්කරණය 2015 ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණා.

ඉදිරි සමුළුවේ තේමාව ‘කල්පවත්නා හවුල්කාරිත්වය – බෙදාගත් දැක්ම’ යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50