ඉන්දියාව වසර පහකින් ලොව 3 වැනි විශාලතම ආර්ථිකය බවට පත් වීම පිළිබඳ අනාවැකියක්

ඉදිරි වසර පහ තුළ ඉන්දියාව ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වනු ඇති බව ඉන්දීය මධ්‍යම රජයේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ 2047 වසර වන විට ඉන්දියාවට ඇමරිකා එක්සත් ජනපදය දැනට පවතින මට්ටමට පත්විය හැකි බවයි.
2023 ආසියානු ආර්ථික සංවාදයට එක්වෙමින් පියුෂ් ගෝයල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු එහිදී පෙන්වා දුන්නේ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව වෙළඳ ගනුදෙනුව ව්‍යසනයක් ලෙස තමන් හඳුන්වන බවයි.

එම වෙළෙඳ ගනුදෙනුව සඳහා ඇතුළත් නොවන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කිරීම “මගේ කන්වලට සංගීතයක්” වූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

“මම හිතන්නේ ඉදිරි වසර හතර පහ තුළ ඉන්දියාව දැනට සිටින පස්වන ස්ථානයේ සිට ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇතැයි මම සිතනවා. ඉන්දියාවේ ජනතාව අප⁣ගේ ආර්ථිකය ඩොලර් ට්‍රිලියන 30-40ක් දක්වා ඉහළ නැංවීමටත් නියමිතයි.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව වෙළඳ ගිවිසුමට සම්බන්ධ නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝයල් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ නීතියේ ආධිපත්‍යයක් නොමැතිව නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම මගින් ව්‍යසනයක් ඇති විය හැකි බවයි. අතළොස්සක් දෙනා හැර මෙම ගිවිසුම හා සම්බන්ධ විය යුතු බවට කිසිවෙක් ප්‍රකාශ කළ බවක් තම සිහියට නොනැගෙන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවට ආපු දෙමළ සිනමාවේ සුපිරි නළු සූරිගේ වාහනය වැල්ලවත්තේ දී ජන ගඟක් වටකරගනී
02:21
Video thumbnail
වාසුදේව ආණ්ඩුවට හොඳට කියයි - බදු ගහන්නේ කැමැත්තෙන් නෙමෙයි
07:02
Video thumbnail
ශශී වීරවංශ අධිකරණයට..
00:36
Video thumbnail
අලුත් වන පොලිස් නිල ඇඳුම ගැන පොලිස් ඇමති කිව්ව දේ
02:14
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53