ඉන්දියාව ජාතික ගෙවීම් පද්ධතිය විදෙස් සංචාරකයන්ටත් විවෘත කරයි

ඉන්දියාවේ ජාතික ගෙවීම් සංස්ථාව (NPCI) ඉන්දියාවට පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා ‘UPI One World’ අථත්‍ය මුදල් පසුම්බිය එළිදක්වන බව නිවේදනය කර තිබෙනවා.

ඉන්දියාවේ සංස්කෘතික ආශ්චර්යයන් සහ විචිත්‍රවත් භූ දර්ශන පහසුවෙන් ගවේෂණය කිරීමේ හැකියාව වැඩිදියුණු කරමින්, ඒකාබද්ධ ගෙවීම් අතුරුමුහුණත (UPI) හරහා ජාත්‍යන්තර අමුත්තන්ට බාධාවකින් තොරව, තත්‍ය කාලීන ඩිජිටල් ගෙවීම් අත්දැකීමක් ලබා දීම මෙම මුලපිරීමේ අරමුණයි.

Unified Payments Interface (UPI) යනු ක්ෂණික පුද්ගලික සහ වෙළඳ ගෙවීම් සක්‍රීය කරන ඉන්දියාවේ ජනප්‍රිය ජංගම දුරකථන මත පදනම් වූ තත්‍ය කාලීන ගෙවීම් පද්ධතියයි.

UPI One World Wallet හඳුන්වාදීමත් සමඟම, විදේශ අමුත්තන්ට දැන් ඉන්දියාවේ ‘made in India’ තාක්ෂණයේ පහසුව සහ ආරක්ෂාව භුක්ති විඳිය හැකි අතර, මුදල් රැගෙන යාමේ හෝ විදේශ විනිමය ගනුදෙනුවල සංකීර්ණතා සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව ඉවත් කරනවා.

UPI One World මුදල් පසුම්බිය ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය වසරේ ඉන්දියාව විසින් පවත්වන ලද G20 සමුළුවේදීය.

UPI ගෙවීම්වල ප්‍රතිලාභ අත්විඳීමට ඔවුන්ට ඉඩ සලසමින් තවත් බොහෝ රටවල සංචාරකයින්ට එය දැන් ලබා ගත හැකි වනු ඇති.

ජාත්‍යන්තර සංචාරකයින්ට QR කේත පරිලෝකනය කිරීමෙන් වෙළෙඳ ස්ථානවල ගෙවීම් කිරීමට UPI One World යෙදුම භාවිත කළ හැකි බව ද වාර්තා වනවා.

භාවිතා නොකළ ඕනෑම ශේෂයක් විදේශ විනිමය රෙගුලාසිවලට අනුකූල ව මුල් ගෙවීම් මූලාශ්‍රය වෙත ආපසු මාරු කළ හැකි අවස්ථාව ද හිමි වනවා.

ඉන්දියානු සංචිත බැංකුවේ මගපෙන්වීම යටතේ NPCI, IDFC First Bank සහ Transcorp International Limited හි ඒකාබද්ධ උත්සාහයෙන් මෙම සක්‍රීය කිරීම සිදු කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26