ඉන්දියාව චීනය අභිබවා යයි

ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත පෙන්වා දෙනවා.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය අසල්වැසි චීනයේ ජනගහනය වන බිලියන 1.4257ට වඩා මිලියන 2.9ක වැඩිවීමක්.

වසර 70කට වැඩි කාලයක් මුළුල්ලේ ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ආසියානු ජාතීන් සතුයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ 1961 වසරෙන් පසු ප්‍රථම වතාවට චීනයේ උපත් අනුපාතිකය පසුගිය වසරේ සිට අඩුවීමක් පෙන්නුම් කෙරෙන බවයි.

කෙසේ වෙතත්, ඉන්දියාවේ ජනගහන සංඛ්‍යාව නිවැරදිව තහවුරු කර ගැනීමට 2011 වසරෙන් පසු රට තුළ සංගණනයක් සිදු කර නොමැති බැවින් පවතින්නේ ඇස්තමේන්තුවක් පමණයි.

නොවැම්බර් මාසයේදී ගෝලීය ජනගහනය බිලියන 8 ඉක්මවා ගිය ද ප්‍රවීණයන් පවසන්නේ වර්ධනය වෙනදා තරම් වේගවත් නොවන බවත් 1950 න් පසු අඩුම අගයක පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01