ඉන්දියාව ගුවන් තොටුපොළ 32ක් වසා දමද්දී පාකිස්ථානය අහසම වසයි

පාකිස්ථානය සමඟ ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය හේතුවෙන් ඉන්දීය ගුවන්තොටුපළ 32ක් මේ වනවිට සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා තිබෙනවා.

ඉන්දීය ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ මැයි 15 වන දින අලුයම 5.29 දක්වා මෙලෙස ගුවන්තොටුපළ වසා තබන බවයි.

රටේ උතුරු හා බටහිර ප්‍රදේශවල ගුවන් තොටුපළවල් 32 ක් මෙලෙස වසා දැමීමට කටයුතු කළ බවයි සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අද පැවසුවේ.

මීට පෙර, පාකිස්ථාන දේශසීමා වලට ආසන්නව හා ප්‍රධාන ආරක්ෂක කඳවුරු අසල පිහිටා ඇති ගුවන් තොටුපළවල් 24ක් මැයි 10 වන දින දක්වා සිවිල් ගුවන් ගමන් සඳහා වසා දමා තිබුණා.

කෙසේ වෙතත් පසුව එය මැයි 15 දක්වා දීර්ඝ කිරීමටයි කටයුතු කළේ.

මේ අතර අද අලුයම 3.15 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ සියලුම ගුවන්ගමන් සඳහා පාකිස්ථානය සිය ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

රාවල්පින්ඩි හි නූර් ඛාන් ගුවන් කඳවුර අසල සහ ලාහෝර් හි ස්ථාන කිහිපයක ඊයේ (09) සවස් කාලයේ පිපිරීම් වාර්තාවීමත් සමඟ පාකිස්ථානය මෙලෙස සිට ගුවන් කලාපය වසා දැමීමටයි කටයුතු කළේ.

  1. අහවල් ප්‍රතිචාරයක්ද ඕකෙ අයෙ …මුං දෙගොල්ලොම මෝඩයො.. ගහගෙන විසඳගංඩ පුලුවංද ප්‍රස්ණ… දෙගොල්ලොංටම කෙල
    විලා පැත්තක ඉන්න වෙන රටක් හරි රටවල් හරි තමා ඕකෙ වාසිය ගන්නෙ… අබිමානය කියල කෙලෝගන්නවා විතරයි…මෝඩ යක්කු….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42