ඉන්දියාව උණුසුම් වෙයි

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ උණුසුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මෙම සතියේ වාර්තාගත ලෙස මෙගාවොට් 8,647ක් දක්වා විදුලි ඉල්ලුම වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

සති ගණනාවක් තිස්සේ දිල්ලියේ සහ උතුරු ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44-50 පමණ පරාසයක පවතින නිසා වායු සමීකරණ බහුල ව භාවිතා කිරීම හේතුවෙන් මෙලෙස විදුලි ඉල්ලුම මත පීඩනයක් ඇති කර
ඇති බවයි පැවසෙන්නේ.

මේ නිසා දිල්ලියේ නිතර විදුලිය ඇනහිටීම් ද වාර්තා වන බව සඳහන්.

උතුරු ඉන්දියාවේ උපරිම විදුලි පරිභෝජනය මෙගාවොට් 89,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය සඳුදා විදුලිය ඇනහිටීමක් හේතුවෙන් නගරයේ ගුවන් කටයුතුවලට ද බාධා මතු වුණා.

මෙම අධික උණුසුම නිසා දිල්ලි නගරයේ උග්‍ර ජල අර්බුදයක් ඇති බව ද සඳහන්.

මිට අමතර ව දරුණුතම උෂ්ණ රෝගයක් වන තාප ආඝාතය හේතුවෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති අතර 40කට වැඩි පිරිසක් තාප ආඝාතය සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගෙන ඇති බව දිල්ලි වෛද්‍යවරුන් පවසනවා.

මාර්තු මාසයේ සිට තාපය ආශ්‍රිත රෝගාබාධවලින් පුද්ගලයින් වැඩි වශයෙන් මියගොස් ඇති අතර, උත්තර් ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල ජුනි මස මුලදී දින තුනක් ඇතුළත 50කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියාවේ රෝග පාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය තාප ආඝාතය 40-64% අතර මරණ අනුපාතයක් සහිත ජීවිත තර්ජනාත්මක තත්ත්වයක් ලෙස හඳුන්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, දිල්ලි වෛද්‍යවරු විසින් තාප ආඝාතය නිසා රෝගී වූ පුද්ගලයින් හට සෙල්සියස් අංශක 0 සිට 5 දක්වා උෂ්ණත්වයක් ඇති ලීටර් 250 සෙරමික් ටබ් එකක අයිස් සහිත ජලයට ගිල්වා දමා වාට්ටුවට ගෙන යාමට පෙර රෝගියා සිසිල්
කිරීමකට ලක් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56