spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ මන්කිපොක්ස් ආසාධිතයින් ගණන ඉහළට

ඉන්දියාවේ දිල්ලි නුවරින් වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වෛරසය ආසාදනය වූවෙකු හඳුනා ගැනීමත් සමඟ එරට මන්කිපොක්ස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගියා.

බටහිර දිල්ලි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලක් මෙලෙස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාධිතන් තිදෙනාම වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඊයේ වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වෛරසය මේ වන විට ලෝකයේ රටවල් 75 කට ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා රෝගීන් 17,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය දත්තවල වාර්තා වන්නේ.

1958 වසරේ ඩෙන්මාර්ක් රාජ්‍යයේ කෝපන්හේගන්හි රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගැනුණු වඳුරු විශේෂ අතරින් වඳුරු උණ වෛරසය පළමුවරට හඳුනාගන්නවා.

පසුව 1970 වසරේදී පළමුවරට මිනිසුන්ට ද වෛරසය වැළඳෙන බවට තහවුරු වෙමින් කොංගෝ ජනරජයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?