ඉන්දියාවේ දුම්රිය අනතුරට හේතුව ගැන අනාවරණයක්

නැගෙනහිර ඉන්දියාවේ සිදුවූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරනවා.

ඔඩිෂා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා සිදුවූ මෙම දුම්රිය අනතුරින් පුද්ගලයින් 288ක් මිය ගොස් 1000කට ආසන්න පිරිසක් තුවාල ලැබූවා.

ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති අතර, සිරවී සිටි සහ තුවාල ලැබූ මගීන් සියල්ලන්ම බේරා ගෙන ඇති බවයි බලධාරීන් පවසන්නේ.

මෙම අනතුර අතිශය වේදනාකාරී එකක් ලෙස නම් කරමින් ඉන්දීය අගමැතිවරයා එම ස්ථානයට ද ගොස් නිරීක්ෂණය කර තිබෙනවා.

අනතුරට ගොදුරු වූවන්ගේ සුව දුක් විමසීමට ඔහු රෝහලට ගොස් ඇති අතර අතර තම රජය ප්‍රතිකාර සඳහා කිසිදු අඩුපාඩුවක් සිදු වීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළා.

මෙම සියවසේ ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙස සැලකෙන බාලසෝර් දිස්ත්‍රික්කයේ දුම්රිය අනතුරට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ඉන්දීය බලධාරීන් මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මූලික වාර්තාවලින් පෙනී යන්නේ සංඥා දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.

ඉන්දීය දුම්රිය ඇමති උපුටා දක්වමින් අදාළ වාර්තා පෙන්වා දෙන්නේ දුම්රිය ආරක්ෂක කොමසාරිස්වරයා විසින් අනතුර සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ලබා දී ඇති බවයි.

එසේම අදාළ අනතුර සම්බන්ධයෙන් වග කිවයුතු පාර්ශ්ව මේ වනවිට හඳුනාගෙන ඇති බවද ඉන්දීය දුම්රිය ඇමති අශ්වින් වෙයිශ්නව් මහතා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම අවාසනාවන්ත දුම්රිය අනතුර සිදුවීමට “දුම්රිය ධාවනය සඳහා සංඥා නිකුත් කෙරෙන විද්‍යුත් අගුළු දැමීමේ පද්ධතියේ සිදුවූ දෝෂයක්” හේතුවී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

අනතුරට ලක්වූ මගී දුම්රිය දෙකෙහි මගීන් 2,000ක් පමණ සිට ඇතැයි සැලකෙනවා.

තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන් තම ඥාතීන්ගේ සුවය පතා රෝහල් අසල එළිමහනේ නොඉවසිල්ලෙන් බලා සිටින බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් තවමත් තම ආදරණීයයන් සොයන්නේ ඔවුන් සිටින ස්ථානය පවා නොදැන බව සඳහන්.

තම පවුලේ සාමාජිකයන් සොයා ගැනීමට නොහැකි පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා විශේෂ උපකාරක කවුළුවක් ද පිහිටුවා තිබෙනවා. ඒ අසල දිගු පෝලිම් පවතින අතර ලැබී ඇති ලැයිස්තු ද ඉතා දිගු බවයි වාර්තා වන්නේ.

සෙනසුරාදා ගලවා ගැනීමේ කටයුතු අවසන් කරන බව නිවේදනය කරමින් දුම්රිය අමාත්‍යාංශය පැවසුවේ අනතුරට පත් ස්ථානය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

අනතුර සිදුවූ ස්ථානයට ප්‍රථමයෙන් පැමිණ මුදාගැනීමේ මෙහෙයුම ආරම්භ කළේ අසල්වැසි ගම්මානවල පදිංචිකරුවන් බව ද සඳහන්.

මෙම සියවසේ ඉන්දියාවේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙසට මෙය සැලකෙනවා.

මීට පෙර ද ඉන්දියාවේ මෙවැනි දරුණු අනතුරු කිහිපයක් වාර්තා වී තිබෙනවා.

1981 වසරේ ජූනි මාසයේ සුළි කුණාටුවක් අතරතුර තදබදයෙන් පිරුණු දුම්රියක මැදිරි නවයෙන් හතක් ගඟකට වැටීමෙන් පුද්ගලයන් 800ක් පමණ මිය ගියා.

1995 වසරේ අගෝස්තු මාසයේදී දිල්ලියේ සිට කිලෝමීටර් 200ක් (සැතපුම් 125ක්) දුරින් දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 350ක් මරණයට පත්වූ බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

1999 වසරේ අගෝස්තු මාසයේ කොල්කටා ආසන්නයේ දී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 285 දෙනෙකු මිය ගියා.

එමෙන්ම දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දී 2005 වසරේ ඔක්තෝබර් මාසයේදී දුම්රියක් පීලි පැනීමෙන් 77 දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.

2016 වසරේ නොවැම්බර් මාසයේ කාන්පූර් නගරය ආසන්නයේදී ඉන්දෝර්-පට්නා සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි 14ක් පීලි පැනීමෙන් පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
5
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44