ඉන්දියාවේ ඩිජිටල් ගනුදෙනුවල කැපී පෙනෙන ඉහළයාමක් – තුන්වැනි කාර්තුවේ දී ගනුදෙනු බිලියන 23 ඉක්මවයි

2022 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේ දී ඉන්දියාව රුපියල් කෝටි 38.3ක් වටිනා ඩිජිටල් ගනුදෙනු බිලියන 23.06 ක් වාර්තා කර තිබෙනවා.

මෙම ඩිජිටල් ගනුදෙනුවලට බැංකු ගිණුම් දෙකක් අතර ක්ෂණිකව මුදල් මාරු කිරීමට ජංගම උපාංග මත භාවිත කෙරෙන Unified Payments Interface හෙවත් UPI, හර හා බැර (ඩෙබිට් හා ක්‍රෙඩිට්) කාඩ්පත්, ON APP ජංගම මුදල් පසුම්බි වැනි පෙරගෙවුම් ගෙවීම් ක්‍රමවේද සහ පෙරගෙවුම් කාඩ්පත් මගින් සිදුකරන ගෙවීම් ඇතුළත් වනවා.

UPI ආශ්‍රිත ගනුදෙනු සමස්තයෙන් බිලියන 19.65කට අධික ගනුදෙනු සහ වටිනාකමින් රුපියල් කෝටි 32.5කට වැඩි ගනුදෙනු ප්‍රමාණයක්  සිදුකර තිබෙනවා.

වර්ල්ඩ්ලයින් ඉන්ඩියා හි ‘ඩිජිටල් ගෙවීම් වාර්තාව’ උපුටා දක්වමින් IANS  පුවත් සේවය වාර්තා කළේ පසුගිය වසරේ තුන් වැනි කාර්තුවට සාපේක්‍ෂව තුන්වැනි කාර්තුවේ දී ගනුදෙනු ප්‍රමාණයේ  සියයට 88ක වැඩිවීමක් සහ වටිනාකමින් සියයට 71 කට වඩා වැඩි වීමක් වාර්තා කර ඇති බැවින් UPI ගනුදෙනු පරිමාව සහ වටිනාකම පසුගිය වසරට වඩා දෙගුණයකින් ඉහළ බවයි.

යොදා ගැනීමේ ප්‍රමාණය සහ වටිනාකම අනුව ඉහළම UPI යෙදුම් ත්‍රිත්වය වූයේ Phone Pe, Google Pay සහ Paytm Payments Bank Appය.

ඉහළම ප්‍රේෂණ බැංකු 05 වූයේ ඉන්දීය රාජ්‍ය බැංකුව, HDFC බැංකුව, බැරෝඩා බැංකුව, යුනියන් බැංකුව සහ ICICI බැංකුව යන බැංකුය.

වර්ල්ඩ්ලයින් හි ඉන්දියාවේ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් නරසිංහන් පැවසුවේ ඩිජිටල් ගෙවීම් වේගයෙන් ප්‍රචලිත වීම සෑම කාර්තුවකම  දැකගත හැකි බවයි .

2022 සැප්තැම්බර් වන විට, වෙළඳුන් විසින් සිදුකර තිබෙන point of purchase හෙවත්  POS ගනුදෙනුවල සමස්ත සංඛ්‍යාව මිලියන 07 ඉක්මවා තිබෙනවා.

පෙර වසරේ එම කාර්තුව හා සසඳන විට එය මිලියන 7.03 දක්වා සියයට 41කට වඩා වැඩි වීමක්‌.

තුන්වන කාර්තුව අවසන් වන විට,සංසරණයේ පැවති හර සහ බැර කාඩ්පත් (ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්) ගණන බිලියන 1.01කට ආසන්න බව ද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා

එරට ක්‍රෙඩිට් කාඩ් පරිමාව සහ වටිනාකම 2022 වසරේ තුන්වැනි කාර්තුවේ දී දැක්වුණේ පිළිවෙලින් මිලියන 725 සහ රුපියල් මිලියන 3.5 ක් ලෙසයි.

2022 තුන්වන කාර්තුවේදී ඩෙබිට් කාඩ් ගනුදෙනු පරිමාව සහ වටිනාකම පිළිවෙලින් මිලියන 907 ක් සහ රුපියල් කෝටි 1.88 ක් වූ බව ද වාර්තා වනවා.

2022 තුන්වන කාර්තුවේදී ඉන්දියාවේ ඩෙබිට් කාඩ් ගනුදෙනු පරිමාව සහ වටිනාකම පිළිවෙලින් මිලියන 907 ක් සහ රුපියල් කෝටි 1.88 ක් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29