ඉන්දියාවේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාවෙන් සහතිකයක් (වීඩියෝ)

ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් කිරීමට කිසිම රටක් ශ්‍රී ලංකාව යොදා නොගන්නා බවට සහතික විය හැකි බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ NDTV ප්‍රවෘත්ති නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාවට ඉන්දියාවේ වර්ධනයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය බවත්, එය චීනය ඇතුළු කිසිදු රටකට නවදිල්ලියේ ආරක්ෂක ගැටළුවලට හානිවන ආකාරයෙන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවට සහතිකයක් ලබා දී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මෙහිදී අවධාරණය කර සිටියා.

ලෝකයේ වර්තමාන මූල්‍ය හා දේශපාලන ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ද ඔහු පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට මෙරටම ක්‍රියාවන් හේතු වූ බවත්, ඒ සඳහා වෙනත් රටවලට දොස් පැවරීමට නොහැකි බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම මෙම සම්මුඛ සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවට ස්ථානයක් හිමිවිය යුතු බවයි.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහභාගී වූ සම්මුඛ සාකච්ඡාව පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44