spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 05ක් දැවී ලකණු 390ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 97ක් තුළ ලකුණු 166ක් රැස්කළ අතර ඔහුගේ එම සුපිරි ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 14ක් ඇතුළත් වුණා.

ඔහුට නොදෙවෙනි නිමක් දියත් කළ සුපිරි පිතිකරු විරාට් කෝලි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 08ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ කසුන් රාජිත කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර, චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවා ගත්තා.

මේ අතර තරගය අතර තුර දී පන්දුවක් රැක ගැනීමට යාමේ දී අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩර්සේ දරුණු අනතුරකට ලක්ව ආබධයන්ට ගොඳුරු වුණා.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ගෞරවාන්විතව අවසන් කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගත යුතු වන අතර ඒ සඳහා හිමිව ඇති ඉලක්කය ලකුණු 391 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?