ඉන්දියාවෙන් ආ ලාංකික සරනාගතයීන්ට විශේෂ ජංගම සේවාවක්

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි උතුරු පළාතේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික සරනාගත පවුල් 7000කට අයත් පුද්ගලයන් 12500ක් වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

මෙම ජංගම සේවාවේදී මෙරට පුරවැසිභාවය ලබාගැනීම ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාගැනීමට හැකියාව තිබෙන අතර මෙම ජංගම සේවාව ලබන සඳුදා දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සහ එළඹෙන පළමු වෙනිදා කිලිනොච්චිය නිපුණතා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව අධිකරණ අමාත්‍යාංශය දැනුම් දුන්නා