ඉන්දියාවට තීරණාත්මක ශ්‍රී ලංකා – ඉන්දියා තරගය අද රාත්‍රියේ

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් අද (06) රාත්‍රියේ ඩුබායි හිදී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

මේ වනවිට දෙපිළම අවසන් පූර්ව වටයේ එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය පරාජයට පත් කළ අතර, ඉන්දියාව පාකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් තරග බිමට පිවිසෙන අතර, අවසන් පූර්ව වටයේ සහභාගී වූ පළමු තරගය පරාජය වූ ඉන්දියාව අද තරගයට එක්වන්නේ යම් පීඩනයකින් යුක්තවයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවයි ඩුබායි වලින් වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය තරග දෙක ක්‍රීඩා කළ චරිත් අසලංකා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතින බව සඳහන්.

මේ අතර අද තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඩුබායි හි දී පැවති මාධ්‍ය හමුවක ඊයේ එක්වෙමින්.

එමෙන්ම අද තරගයේ දී තම කණ්ඩායම සතුව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට තමන
විශ්වාස කරන බවයි දසුන් වැඩි දුරටත් සඳහන් කළේ.

යම් හෙයකින් අද තරගය ඉන්දියාව පරාජයට පත්වුව හොත් ආසියානු කුසකන තරගාවලියෙන් ඉව්වත්විමට ඔවුන්ට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02