Empty Ad
AFC Banner
Empty Ad

ඉන්දියාවට තීරණාත්මක ශ්‍රී ලංකා – ඉන්දියා තරගය අද රාත්‍රියේ

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් අද (06) රාත්‍රියේ ඩුබායි හිදී පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි.

මේ වනවිට දෙපිළම අවසන් පූර්ව වටයේ එක් තරගය බැගින් ක්‍රීඩා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්තානය පරාජයට පත් කළ අතර, ඉන්දියාව පාකිස්ථානය හමුවේ පරාජයට පත් වුණා.

ඒ අනුව අද තරගය සඳහා ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් තරග බිමට පිවිසෙන අතර, අවසන් පූර්ව වටයේ සහභාගී වූ පළමු තරගය පරාජය වූ ඉන්දියාව අද තරගයට එක්වන්නේ යම් පීඩනයකින් යුක්තවයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවයි ඩුබායි වලින් වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය තරග දෙක ක්‍රීඩා කළ චරිත් අසලංකා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩක් පවතින බව සඳහන්.

මේ අතර අද තරගය සදහා සිය කණ්ඩායම ඉතා හොඳ සූදානමක සහ යහපත් මානසික තත්ත්වයක සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඩුබායි හි දී පැවති මාධ්‍ය හමුවක ඊයේ එක්වෙමින්.

එමෙන්ම අද තරගයේ දී තම කණ්ඩායම සතුව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට තමන
විශ්වාස කරන බවයි දසුන් වැඩි දුරටත් සඳහන් කළේ.

යම් හෙයකින් අද තරගය ඉන්දියාව පරාජයට පත්වුව හොත් ආසියානු කුසකන තරගාවලියෙන් ඉව්වත්විමට ඔවුන්ට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03
Video thumbnail
මරික්කාර් අද පාර්ලිමේන්තුව දෙක කරයි - නජිත් එක්ක මරික්කාර් ෆොටෝ එකකට පැටලෙයි
17:35
Video thumbnail
කාදිනල් හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි - ඩීල් දාන්න එපා අපිට දීපු පොරොන්දු ඉටු කරන්න
13:11
Video thumbnail
අපිට සද්දේ දාන්න එන්න එපා හරිද ඔයා - වැටලීම උණුසුම් වෙයි - මුදලාලිට හොඳට කියලා දෙයි
14:23
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58

?