ඉන්දියාවට ඉනිමක සහ තවත් ලකුණු 140ක විශිෂ්ඨ ජයක් හිමිවෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අහමදාබාද් හී නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය පසුගිය 02 වැනිදා ආරම්භ වූ තරගයේ කාසිය වාසිය හිමිකර ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා විසින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගනු ලැබුවා.

කෙසේ වෙතත් නායකයාගේ එම තීරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූ කොදෙව් පිතිකරුවන් ලකුණු පුවරුවේ මුළු ලකුණු 162ක් වන විට සියලු දෙනා දැවීගොස් ක්‍රීඩාගාරයේ අසුන් වෙන්කර ගෙන තිබුණා.

පිතිකරුවන් පිළිබද කිසිඳු තැකීමකින් තොරව වේග පන්දුවේ උපරිම ඵල නෙලා ගත් මොහොමඩ් සිරාජ් කඩුලු 93ක් දවා ගත් අතර ලස්පිට් බුම්රා ද කඩුලු 03කර වගකියනු ලැබුවා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජස්ටින් ග්‍රීව්ස් රැස්ක‍ර ගෙන තිබුණේද ලකුණු 32ක් පමණයි.

පළමු ඉනිම වෙනුවන් ලැබූ ලකුණු 162ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ඉන්දිය කණ්ඩායමේ මුල් පිතිකරුවන් දෙදෙනා අතරින් යශස්වි ජයිස්වාල් ලකුණු 36ක් තුළ දැවී ගිය ද අනෙත් අන්තයේ ක්‍රීඩා කළ කේ.ල් රාහුල් විශිෂ්ඨ ශතකයක් කරා සිය ඉනිම ගොඩ නැංවුවා.

කඩුලු දෙකක් පමණක් දැවී ගොස් ලකුණු 162ක පළමු ඉනිමේ ඉලක්කය සපුරා ගත් ඉන්දීය කණ්ඩායම එතැන් පටන් පළමු ඉනිමේ වාසිය ලබා ගනිමින් ලකුණු රැස්කර ගත්තා.

ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ අංක 05 සහ අංක 06 ලෙස පිටියට පිවිසි ධෘව් ජුරෙල් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු පුවරුව ලකුණු 400 දක්වා ඔසවා තැබුවා.

ඔවුන් දෙදෙනාගේම ශතකවලින් හැඩ ගැන්වුණු ඉන්දීය ඉනිම අත්හිටුවන වන විට ලකුණු 448කට කඩුලු 05ක් ලෙස පැවතියා.

ධෘව් ජුරෙල් ලකුණු 125ක් රැස් කරගනිද්දී රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 104 රැස්කර ගැනීමට සමත් වුණා.

ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 296ක් පිටුපසින් තව දෙවැනි ඉනිම ඇරඹු බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඔවුන් පළමු ඉනිමේ දී රැස්කළ ලකුණු 162වත් ඉක්මවා යාමට ඉන්දීය පන්දුයවන්නන් ඉඩ ලබා නොදුන්නේ නැහැ.

එම ඉනිමේදී ලකුණු 146ක් තුළ කොදෙව් පිතිකරුවන් සියල්ල දවා ගැනීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් වූ අතර ඉන්දීය පළමු ඉනිමටත් වඩා ලකුණු 140ක් කොදෙව්වන් ඒ වන විට පසුපසින් සිටියා.

තරගයේ පිත්තෙන් ශතකයක් රැස් කළ රවීන්ද්‍ර ජඩේජා පන්දුවෙන් ද නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වුණා.

එමෙන්ම පළමු ඉනිමේදී කඩුලු 04ක් බිඳ හෙලූ මොහොමඩ් සිරාජ් මෙම ඉනිමේද කඩුලු 03කට හිමිකම් කියනු ලැබුවා.

ඒ අනුව ඉනිමක සහ ලකුණු 140ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ජයගර්හානය කරා ගෙන ගිය රවීන්ද්‍ර ජඩේජා තරගයේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැදපෙරදිග යුද්දයෙන් ලංකාවේ අපනයනවලට වෙන දේ මෙන්න..තේ වැනි දේවල් දැන්ම වරායට ගේන්න එපා
02:58
Video thumbnail
ඩුබායි ෆාම් ජුමේරාවල නවතම තත්ත්වය..මුළු නගරයම පාළුවෙලා ගිහින්
01:59
Video thumbnail
මැදපෙරදිග යුද්ධය ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
03:12
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17