ඉන්දියානු ශ්‍රමිකයන්ට ජර්මනියෙන් ලොකු අවස්ථාවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ H-1B වීසා ක්‍රියාවලිය මධ්‍යයේ ජර්මනිය ඉන්දියානුවන්ට විවෘත ආරාධනයක් කරනවා.
තාක්ෂණික අංශයෙන් දක්ෂ ඉන්දියානුවන්ට මෙම විවෘත ආරාධනය කර ඇත්තේ ඉන්දියාවේ ජර්මානු තානාපතිවරයායි.
ඔහු පවසා ඇත්තේ යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය ස්ථාවර බව සහ එක්සත් ජනපදයට සාපේක්ෂව හොඳ විකල්පයක් බවයි.
ජර්මනිය ස්ථාවර සංක්‍රමණ ප්‍රතිපත්ති සහ විශිෂ්ට රැකියා අවස්ථා සමඟ වඩාත් හොඳ අවස්ථාවක් බවද තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
ජර්මනිය ප්‍රතිපත්ති සහ තොරතුරු තාක්ෂණ, කළමනාකරණය, විද්‍යාව සහ තාක්‍ෂණය යන ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දියානුවන්ට විශාල රැකියා අවස්ථා පවතින ස්ථානයක් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ
‘එච්- වන්- බී (H- 1B) කාණ්ඩය යටතේ වීසා අයදුම් කරන විදෙස් පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ගාස්තුව අමෙරිකානු ඩොලර් ලක්ෂය දක්වා ඉහළ දැමීමේ විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අත්සන් කර තිබුණි.
ඒ අනුව එය පෙර පැවති ගාස්තුව මෙන් 60 ගුණයක ඉහළ යාමක්.
වාර්ෂිකව මෙම වීසා කාණ්ඩය යටතේ වැඩිම අවස්ථාව ඉන්දීය ජාතික පුහුණු ශ්‍රමිකයින්ට හිමිව තිබූ අතර එය සමස්ත සංඛ්‍යාවෙන් සියයට 70ක් පමණ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37