ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරඟාවලියේ වෙන්දේසියට යන ශ්‍රී ලාංකීක ක්‍රීඩකයින් මෙන්න

මෙම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලාංකිකයින් 09 දෙනෙකු ඇතුළත් වන අතර, පසුගියදා පැවති එල්.පී.එල්. තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් පිල නියෝජනය කළ යාපනයෙන් පැමිණි විජයකාන්ත් වියස්කාන්ත්ද ඊට ඇතුළත්.

අබුඩාබි ටී-ටෙන් තරඟාවලියේදී දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණ, කෙවින් කොත්තිගොඩ මෙන්ම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වන කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, දසුන් ශානක සහ ඉසුරු උදාන මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්.