ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගයේ සිදුවූ බිහිසුණු අනතුර – වීඩියෝ සහිතයි

මධ්‍යම අධිවේග මාර්ගයට අනවසරයෙන් ඇතුළු කළ යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (24) සිදුවූ මාරක අනතුරෙන් පසු මෝටර් රථයේ ගමන් කළ 3 දෙනෙකු පළාගොස් තිබේ.

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේග මාර්ගයේ 59 වන කිලෝමීටර් කණුව අසලදී එම අනතුර සිදුව තිබුණි.

අනතුරත් සමග යතුරුපැදිය සහ මෝටර් රථය ගිනිගෙන විනාශ විය.

යතුරුපැදියේ ගමන් කළ තරුණයින් දෙදෙනා අනතුරෙන් මිය ගොස් තිබූ බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් 5 දෙනාගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සිද්ධියෙන් පසු පැනගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන සිදුකරන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයට ඇතුල් කරන වාහන පොලිස් භාරයට ගෙන එහි හිමිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42