ඉදිරි ජනාධිපතිවරණයෙන් තීන්දු වන්නේ තම ජය හෝ පරාජය නොවන බව ජනපති කියයි (ඡායාරූප)

ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තමන්ගේ ජය හෝ පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ දී පැවති පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වූ තරුණ නියෝජිතයන් සමග ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින්.

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළ හැරණුකොට මෙරට දිනවිය හැකි වෙනත් වැඩපිළිවෙළක් කිසිදු ආණ්ඩුවකට නොමැති බව ජනාධිපතිවරයා පැවසුවා.

ආණ්ඩුවේ ගමන් මාර්ගය ආයෙත් ආපස්සට හැරුණොත් අනිවාර්යයෙන් ම පෝලිම් යුගයකට මුහුණදීමට සිදුවන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

විවිධ දේශපාලන පාර්ශ්ව විසින් මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු ලබා දුන්න ද, ඒ කිසිවෙකුටත් විනිවිදභාවයකින් යුත් දැක්මක් හෝ රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් නොමැති බව ද වික්‍රමසිංහ මහතා පැවසුවා.

පුද්ගලයින්ගේ ප්‍රතිරූප දෙස බලා යළිත් වැරදි තීන්දු නොගත යුතු බව ද ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියා.

මෙම අවස්ථාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා යන පිරිස එක් වුණා.

WhatsApp Image 2024 06 12 at 10.47.52 1
WhatsApp Image 2024 06 12 at 10.47.52
WhatsApp Image 2024 06 12 at 10.47.51
WhatsApp Image 2024 06 12 at 10.47.50 1
WhatsApp Image 2024 06 12 at 10.47.50
WhatsApp Image 2024 06 12 at 10.47.49
WhatsApp Image 2024 06 12 at 10.47.48
WhatsApp Image 2024 06 12 at 10.47.47
WhatsApp Image 2024 06 12 at 10.47.46 1
WhatsApp Image 2024 06 12 at 10.47.46


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34