spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි ජනාධිපතිවරණයට සජබයෙන් අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජනබලවේගයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් වුණා.

අදාළ අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කළ යුතු බව මෙම රැස්වීමේ දී තීරණය වී තිබෙනවා.

එම සන්ධානය ගොඩනැගීමට පක්ෂ නායකයා ලෙස, සජිත් ප්‍රේමදාසට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ජන පීඩක ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගත යුතු බවටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඒකමතිකව තීරණ වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?