ඉදිකිරීම් හා කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකල දී විවෘත කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේ දී විවෘත කරනු ලැබුවා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 200ක් වෙන් කර තිබෙනවා.

නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෙරසවි අංගන පරිශ්‍රයේ ස්ථාපිත මෙම ව්‍යාපෘතිය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් කරා තැබූ සුවිශේෂී පියවරක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ.

ලෝකයේ සමස්ත අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් 40%ක් සහ කාබන් විමෝචනයෙන් 25%ක් ජනනය කරනු ලබන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන් වන අතර, අප රටේ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එවැනි අපද්‍රව්‍ය ටොන් 300ක් පමණ එකතු වනවා.

මෙතෙක් කලක් අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා පාංශු දූෂණය, ජල දූෂණය සහ ගංවතුර අවදානම් ඇති කළ මෙම සුන්බුන්, මෙම ව්‍යාපෘතිය යටතේ නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කෙරේ. මෙමගින් ස්වාභාවික සම්පත් ක්ෂය වීම අවම වන අතර ඉදිකිරීම් පිරිවැය ද සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 350ක් වටිනා යන්ත්‍ර සූත්‍ර සහ භූමිය වෙන් කර තිබෙනවා.

පැයකට මෙට්‍රික් ටොන් 200ක ධාරිතාවයකින් යුත් මෙම ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයට අමතරව, නවීන විද්‍යාගාරයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබෙනවා.

“Clean Sri Lanka” වැඩසටහන යටතේ රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් වී ඇති අතර ඉන් රුපියල් මිලියන 150ක් දැනටමත් නිදහස් කර තිබෙනවා.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළට රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉංජිනේරු පීඨ සම්බන්ධ කර ගනිමින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සහ පාර්ශ්වකරුවන්ගේ දායකත්වය බලාපොරොත්තු වනවා.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික, ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී සුගීෂ්වර, ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් කපිල සෙනරත්, ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (පාරිසරික) අංජුල ප්‍රේමරත්න, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු නෙරංජන් ප්‍රනාන්දු, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී චාරුක හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44