ඉතිහාසගත නොනිදන අරගලයේ ආදරය

2022 අප්‍රේල් මස 09 වෙනිදා පීඩනයෙන් මිරිකුණු ශ්‍රී ලාංකිකයා අරගලයක් වෙනුවෙන් වීදි බැස්සේ කරකියා ගන්නට දෙයක් නැතිවයි.ඉතිහාසයේ දූෂිතම පාලකයන්ගේ ග්‍රහණයට ලක් වූ මව් රට කැබලි පිටින් කා දැමූ එකී අධම පාලකයන්ව පාලනයෙන් දොට්ට දැමීම අරගලයේ අරමුණ වූයේ ගෝල්ෆේස් පිටියේ ඉදිවූ ගෝටා ගෝ ගම නිර්මාණයත් සමඟයි.

මෙම දැවැන්ත මිනිස් අරගලයට ආදරයේ අරගලය කීවාට කිසිසේත්ම කම් නැත.ආදරය යනු මිනිස් හදවතේ සීමාවක් නොමැතිව ගිගුම් දෙන නිරන්තර හැඟීමකි.මේ මිනිස් අරගලයද සීමාවක් නැති මානුශීය හැඟීම්,සිතුවිලි රොත්තකි.ආදරයට අවශ්‍ය සැනසුම පමණි.මේ මනුෂ්‍ය සංහතියටද අවශ්‍ය වන්නේ එයම පමණි.එහෙයින් මේ ආදර අරගලය ඉක්මනින්ම මිනිසුන්ට සැනසුම උදා කරනු නියතය.

බල තණ්හාව ශරීරය පුරාම උඩු දුවා ගිය මහින්ද රාජපක්ශ නම් පාලකයාට අගමැති තනතුරින් ඉවත් වන්නට සිදු වූයේ මේ ශක්තිමත් අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි.එය අරගලය ලැබූ ජයග්‍රහණයන් අතට ප්‍රධානතම දෙයයි.නමුත් දේශපාලන ක්‍රීඩාවේ යෙදෙන්නත් තවමත් විවිධාකාර පත්වීම්,තනතුරු නැති කිරීම්,බොරු පොරොන්දු ලබා දුන්නත් එකී ඉන්ද්‍රජාලික ක්‍රියාවලට හසු නොවන පීඩිත රටවසියා දැන් සිංහ වෙස් ගෙන එකි බැසීම ආරම්භ කරයි.

වචනයට අනුව මෙය අපායේ විවේක කාලය අහවර වීමකි.එක්කෝ මෙය රට වැසියා විසින් දෙකෙන් එකක් කර කෙළවර කරනු ඇත.ඒ තීර්ණාත්මක දිනය ජූලි 09 වනදා වනු ඇත.

මැකියාවේලි පවසන ආකාරයට අධික බලය මිනිසා විනාශයට පමුණුවයි යන සත්‍ය ඉදිරියේදී විෂය නිර්දේශයේ උගන්වන විට රාජපක්ෂ පවුල උදාහරණයට ගනු නිසැකය.මේ වනවිට ලෝකයක අවධානය දිනා ඇති ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්වය හමුවේ ලාංකිකයාව අරගලකාමියා බවට පත් කලේ මේ දූශිත ආණ්ඩුවයි.ස්වභාව ධර්මයට අනුව මොවුන්ට නිසි දඩුවම් ලැබෙනු නියතයි.

අරගලයට පණ පොවන අරගලයේ පන්නරය මේ වනවිට අන්තරයයි.අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය පෙරට ඒමත් සමඟ අරගලකාමී ජන‍යා කුහුඹුවන් සේ එක්‍ රැස් වෙමින් සිටී.කඳුළු ගෑස් නොතකා ජල ප්‍රහාරක නොතකා ඔවුහු මේ ඇදෙන්නේ තමන්ට මෙන්ම සමස්ත රටටමද ඇතුළුව නූපන් පරපුරේ නිදහස උදෙසායි.ඉතිං මේ අරගලය ආදරයේ අරගලයම නොවේවිද..

පුංචි පැටවුන්ව ඉහෙන් කටින් එල්ලාගෙන වීදියේ කොනක සිටින මව්වරුන් ගෝටා ගෝ හෝම් කියා අරගල කරන්නේ පපුව පත්තුවන ගිණි ගොඩක් මැද බව මේ දූශිත පාලකයන්ට නොතේරෙනවා නොවිය හැක.නමුත් බලය යනු ඔවුන්ගේ කෑදරකමයි.එකී බලය විසින්ම ඔවුන්ට යන එන මං නැති කරන දිනය හෙටින් පසු උදා වේවා යැයි පතමු !

මේ වෙලාවේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ පැතුම නම් අපි වෙනුවෙන් අරගල කරන්නට යන කිසිදු කෙනෙක්ට අනතුරක් නොවේවා යන්නයි.මෙය ලෝකයේ මනුෂ්‍ය දිනපොත් වල නොමැකෙන දින කීපයක් වනු නියත බව වැටහෙයි.එහෙයින් අරගලයට තව තවත් ජයම පතමි..

සචිනි සත්සරණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59