ඉතා දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් අද

ඉතා දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක්, අද සිදු වනවා.

මේ වසරේ පළමු සූර්යග්‍රහණය වන එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 7.04 සිට දහවල් 12.29 දක්වා සිදුවන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ.

මෙම දුර්ලභ සූර්යග්‍රහණය සාමාන්‍යයෙන් දෙමුහුන් ග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන්නේ චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘථිවිය හරහා ගමන් කරන විට පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම හේතුවෙන්.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ බොහෝ ප්‍රදේශවලට සෘජුව දර්ශනය නොවන බවයි.

සූර්ය ග්‍රහණය, වළයකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන පෘථිවියේ ඇත්තේ දෙකක් පමණයි.

කෙසේ වෙතත්, අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙක ද සාගරේ මැද පිහිටා ඇති බව ද කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරනවා.

සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් ලෙසට පෙනෙන අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් ලෙසට දකිනු ඇති.

අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇති වනවා.

පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය ඉලිප්සාකාර බැවින් පෘථිවියේ සිට චන්ද්‍රයා ට ඇති දුර විවිධ අවස්ථාවන්හිදී එහි සාමාන්‍ය අගයෙන් 6% කින් පමණ වෙනස් විය හැකියි.

එමනිසා, චන්ද්‍රයාගේ දෘශ්‍ය ප්‍රමාණය පෘථිවියේ සිට ඇති දුර අනුව වෙනස් වන අතර, පූර්ණ සහ වළයාකාර ග්‍රහණ අතර සංක්‍රාන්තියට තුඩු දෙන්නේ මෙම බලපෑමයි.

ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව මෙම සූර්යග්‍රහණය, අද ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත්වල සිටින අයට සූර්යග්‍රහණය දෘශ්‍යමාන වන අතර, ඔවුන් ජීවිත කාලයටම එක්වරක් පමණක් විය හැකි මෙම අහස් සංදර්ශනය නැරඹීමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සූර්යග්‍රහණය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණක් වීම ද විශේෂත්වයක්.

දෙමුහුන් සූර්යග්‍රහණක් ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10 කට පමණ පෙර එනම් 2013 නොවැම්බර් 3 වන දින සිදු වූ අතර මීළඟ දෙමුහුන් සූර්යග්‍රහණය සිදු වන්නේ 2031 නොවැම්බර් මාසයේදී යි.

මෙම සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දිස් නොවුන ද නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශනය නැරඹිය හැකි බවයි කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23