ඉඩම් අමාත්‍යාංශයේ නම යොදාගෙන කරන වංචාවක් ගැන අනතුරු ඇඟවීමක්

ඉඩම් අමාත්‍යාංශයේ තොරතුරු යොදා ගනිමින් මූල්‍ය වංචාවක් සිදු කළ ජාවාරමක් සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යාංශය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, එම අමාත්‍යාංශයේ ව්‍යාජ ලාංඡන රැගත් වාහනවල අමාත්‍යාංශ නිලධාරීන් ලෙස පෙනී සිටින පිරිසක් මෙම මුල්‍ය වංචාවට සම්බන්ධ බවයි.

රිදීගම ප්‍රදේශයේ ජනතාවට ඉඩම් අමාත්‍යාංශය මගින් ඉඩම් කට්ටි ලබා දෙන බව පවසමින් එම ප්‍රදේශයේ ජනතාවගෙන් මෙම පිරිස මුදල් එකතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වංචනික ක්‍රියාව පිළිබඳව දැනුම් දීමත් සමඟ ඉඩම් අමාත්‍යාංශය විසින් අදාළ වංචනිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවී අවධානයෙන් සිටින ලෙසටයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51