ඈත විශ්වයේ රහස් රැගෙන හිතන්නවත් බැරි වේගයකින් අද පෘථිවියට එන අමුත්තා

‘බෙන්නු’ (Bennu) නමැති ග්‍රහකයට ගොස්, එහි පස් සාම්පල ලබා ගත් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඔසයිරස් රෙක්ස්’ (Osiris-Rex capsule) රොබෝ යානය, අද (24) එම පස් සාම්පල පෘථිවියට ගෙන ඒමට නියමිතව තිබෙනවා.

‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘බෙන්නු’ ග්‍රහකය බලා ගියේ 2016 වසරේදී වන අතර එය ග්‍රහකයට ළං වූයේ වසර දෙකකින්.

තවත් වසර දෙකක් දුර සිට ග්‍රහකය සිතියම් ගත කිරීමට එක්වූ යානය එම සිතියම්ගත කිරීම අවසානයේදී යි 2020 වසරේදී ‘බෙන්නු’ ග්‍රහකයට ළං වූයේ. පසුව එය ග්‍රහකයට සමාන වේගයකින් එය අසලින් ගමන් කිරීම අරඹා තිබුණා.

යානයේ ඇති රොබෝ අතක් යොදා ගනිමින් ග්‍රහකයේ මතුපිට සූරා පස් ලබා ගැනීම සිදු කළ අතර එම පස් සාම්පල යානයේ කුඩා කැප්සියුලක තැම්පත් කෙරුණා. එම වික්‍රමය සිදු වූයේ 2020 වසරේ ඔක්තෝබර් 20 වනදායි.

අධික වේගයෙන් විශ්වයේ ගමන් කරන ග්‍රහකයකට ළං වී, එම ග්‍රහකයට ගොඩබෑමක් සිදු නොකර, පස් සාම්පල ලබා ගත් පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ. පස් සාම්පල ලබා ගැනීමේ මෙහෙයුම සම්පූර්ණ කිරීමෙන් පසු රොබෝ යානය යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කළා.

අද (24) දිනයේ රොබෝ යානය පෘථිවි කක්ෂයට ළං වී, පස් සාම්පල සහිත කුඩා කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කරනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රයිෆල් වෙඩි උණ්ඩයකටත් වඩා 15 ගුණයක වේගයකින් එම කැප්සියුලය පෘථිවි වායු ගෝලය හරහා වේගයෙන් පහළට ඇදී එන බවයි. වායු ගෝලයට ඇතුළු වෙද්දී කැප්සියුලය ගිනි ගැනීමකට ලක් වන අතර එය ආරක්ෂා වන්නේ එහි ඇති තාප ආරක්ෂක පද්ධතිය හේතුවෙන්.

කැප්සියුලයේ අධික වේගය අඩාල වනු ඇත්තේ, එහි ඇති පැරෂූට් දිග හැරීමෙන්. මේ සියල්ල සියුවන්නේ පෙර සැලැසුම් කළ ආකාරයෙන් වන අතර පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය සෙමින් සෙමින් ඇමෙරිකාවේ යූටා කාන්තාරයේ තෝරාගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතයි. නාසා විද්‍යාඥයන් සහ ඇමෙරිකන් හමුදා නිලධාරීන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටිනවා.කැප්සියුලයේ ඇත්තේ ‘බෙන්නු’ ග්‍රහකයෙන් සූරා ගත් පස් ග්‍රෑම් 250ක්.

පස් සහිත කැප්සියුලය පෘථිවි කක්ෂයට විසි කිරීමෙන් පසු, ‘ඔසයිරස් රෙක්ස්’ රොබෝ යානය යළි විශ්වයේ ඈතට ගමන් කරනු ඇතැයි නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ නව ගවේෂණ මෙහෙයුමක් ආරම්භ කරමින්. 2029 දී ‘ඔසයිරස් රෙක්ස්’ ‘ඇපොසිස්’ නමැති ග්‍රහකයට ළං වී එය ගවේෂණය කිරීමට ද නියමිතව තිබෙනවා.

මීටර් 510ක පමණ උසකින් යුත් යෝධ ‘බෙන්නු’ ග්‍රහකය සොයා ගනු ලැබුවේ 1999 වසරේ සැප්තැම්බර් 11 වනදායි. ග්‍රහකය ‘බෙන්නු’ යනුවෙන් නම් කර ඇත්තේ, මිසර දේව පුරාණයට අනුව බව සඳහන්. සුර්යයා වටා සැරිසරන දස දහස් ගණනක් ග්‍රහක අතරින්, නාසා විද්‍යාඥයන් බෙන්නු ගැන උනන්දුවක් දැක්වූයේ එය විශ්වය ආරම්භයේ දී සිදුවුණු හැල හැප්පීම්වලින් කැඩී වෙන්වී ගිය කැබැල්ලක් වීම හේතුවෙන්. එපමණක් නොව, 2060 වසරේ සැප්තැම්බර මාසයේදීත්, 2175 වසරේදීත් ‘බෙන්නු’ ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇති බවට ද අනාවැකි පලවී තිබෙනවා.

2060 වසරේ සැප්තැම්බර් 23 වනදා ‘බෙන්නු’ පෘථිවිය අසලින් යන්නේ පෘථිවියේ සිට සැතපුම් 4,60,000ක දුරකින් බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ. 2175 වසරේදී ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහායි. ඒ අනුව, ග්‍රහකය පෘථිවියේ ගැටීමට නියමිතව තිබෙනවා. පස් සාම්පල පරීක්ෂා කරමින්, ‘බෙන්නු’ ග්‍රහකයේ ස්වභාවය අවබෝධ කර ගනිමින්, එය පෘථිවියේ ගැටීම වළක්වා ගැනීමට සැලැස්මක් සකස් කිරීම නාසා ආයතනයේ අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43
Video thumbnail
විපක්ෂයට වගේම ආණ්ඩුවටත් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ
06:47
Video thumbnail
වැරදි කරන රියදුරන්ට ලකුණු අඩුවෙන ක්‍රමවේදයක් - රියදුරු බලපත්‍රය තහනම් කිරීමේ බලය තියෙනවා
11:52
Video thumbnail
සජබයත් එක්ක අපිට කිසිම ඩීල් එකක් නෑ
08:50
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරු ජවිපෙ ඒකාධිපති කණ්ඩායමට යටවුණා
08:25
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04