ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එක්සත් ජාතීන් හෙළාදකී

ඇෆ්ගනිස්ථානයේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් අතරතුර කාබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෑන්ඩ්-ඊ-අමීර් ඩ්‍රැගන්ස් සහ පමීර් සල්මි කණ්ඩායම අතර පැවති තරගය අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරය එල්ල වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් පිරිසක් ක්‍රීඩාංගනයේ සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්ථානය පුරා මෙවැනි ප්‍රහාර රැසක් වාර්තා වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ තමන් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිවිල් වැසියන්ට හා සිවිල් දේපොළට ප්‍රහාර එල්ල කිරීම තහනම් ක්‍රියාවක් බවටයි මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14