spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය එක්සත් ජාතීන් හෙළාදකී

ඇෆ්ගනිස්ථානයේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් අතරතුර කාබුල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෑන්ඩ්-ඊ-අමීර් ඩ්‍රැගන්ස් සහ පමීර් සල්මි කණ්ඩායම අතර පැවති තරගය අතරතුර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රහාරය එල්ල වන විටත් එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් පිරිසක් ක්‍රීඩාංගනයේ සිටි බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලයට පැමිණීමෙන් පසුව ඇෆ්ගනිස්ථානය පුරා මෙවැනි ප්‍රහාර රැසක් වාර්තා වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසන්නේ තමන් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ සිවිල් වැසියන්ට හා සිවිල් දේපොළට ප්‍රහාර එල්ල කිරීම තහනම් ක්‍රියාවක් බවටයි මහලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?