ඇෆ්ගනිස්තාන – පකිස්තාන දේශසීමා ගැටුම් උග්‍රවන ලකුණු

ඇෆ්ගනිස්තාන – පකිස්තාන දේශසීමාවට අයත් බලුකිස්ථාන පළාතේ චමන් දිස්ත්‍රික්කයේ පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වෙවින් තිබෙනවා.

පසුගිය දිනවල එම ප්‍රදේශයේ ඇති වූ සන්නද්ධ ගැටුම්වලින් දෙපාර්ශ්වයේම සිවිල් වැසියන් සහ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබුණා.

ඇෆ්ගනිස්තාන – පකිස්තාන දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවය පවත්වාගෙන යාම සඳහා දෙපාර්ශ්වය විසින් ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අතර තලේබාන් සංවිධානයේ සන්නද්ධ සොල්දාදුවන් සහ පාකිස්තාන තහෙරික් ඊ තලේබාන් කණ්ඩායම අතර තවත් ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිත්ගන්නා කරුණ නම්, ඉස්ලාමාබාදය තමන් වින්දිතයා බව හඟවමින් වර්තමාන දේශසීමා ගැටුම් සඳහා තලේබාන්වරුන්ගේ අන්තර්වාර රජයට දොස් පැවරීමයි.

තලේබාන් සංවිධානයට වඩා යුදමය වශයෙන් ශක්තිමත් වීම හේතුවෙන් පාකිස්තාන තහෙරික් ඊ තලේබාන් කණ්ඩායම ඇෆ්ගන් දේශසීමා කලාපයට දැඩි හානියක් සිදුකරමින් සිටින බවටයි චෝදනා එල්ල වන්නේ.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී තලෙයිබාන් සංවිධානය කාබුල් අත්පත් කර ගැනීමෙන් පසු චමන්-ස්පින් බෝල්ඩක් දේශසීමා හරස් මාර්ගය අයහපත් ලෙස අස්ථාවර වී තිබෙනවා.

එය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයයි.

පාකිස්තානයේ සිට බොහෝ මුහුදු මාර්ග සංක්‍රමණ සිදුවන්නේ බලුකිස්තාන් පළාතේ මෙම දේශසීමා හරස් මාර්ගය හරහායි.

පසුගිය වසරේ තලේබාන් දේශසීමා හමුදා සහ පාකිස්තාන තහෙරික් ඊ තලේබාන් කණ්ඩායම අතර චමන් හරස් මාර්ගයේදී දේශසීමා ගැටුම් කිහිපයක් හටගෙන තිබුණා.

තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත්තේ තහෙරික් ඊ තලේබාන් කණ්ඩායම සටන් විරාමයට අකමැත්ත පෙන්වූ පසු නොවැම්බර් 28 දා පකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය අවලංගු වීමයි.

දේශසීමා ආතතිය අඛණ්ඩව  පවතින අතර තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා දෙරට අතර විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ගයක් මෙතෙක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඒ, අනුව පළිගැනීමේ පියවරක් ලෙස තලේබාන් රජයට බලපෑම් කිරීම සඳහා චමන් හරස් මාර්ගය දීර්ඝ කාලයක් වසා දැමීමට පාකිස්තානය සලකා බැලිය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29