ඇස් පියන් නොහෙලා බලා සිටි විස්සයි විස්ස පළමු තරඟයේ ජය පරාජය විසඳුණු හැටි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 38 කින් ජයගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 164ක්.

එහිදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් සූර්යකුමාර් 50ක් රැස්කරගැනීමටයි සමත් වුණේ.

එමෙන්ම නායක ශිකර් ධාවාන් ලකුණු 46 ක් ද, සංජු සැම්සන් ලකුණු 27 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳහෙළුවා.

ලකුණු 165ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු තුනක් තුළ  සියලු දෙනා දැවි ලබාගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

එහිදී සටන්කාමී ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 26කට මුහුණදෙමින් ලකුණු 44ක් රැස්කරගත්තා.

ඊට හතරේ පහරවල් තුනක් සහ හයේ පහරවල් තුනක් ඇතුළත් වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 22ක් ලබාදී බිඳ දැමු කඩුලු සංඛ්‍යාව 4ක්.

තරගය පැවැත්වුණේ, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 

දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43