ඇස්ට්‍රා සෙනෙකා එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොළ එළියක්

ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත කොරෝනා වෛරසයට එරෙහි හදිසි භාවිත ලැයිස්තුවට එක් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේසස් සඳහන් කළේ සියලු රටවලට මෙම එන්නත ලබාදීමට නම් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු බවයි.

මේ අතර ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් කැනඩාවට ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ ඉල්ලීමක් අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඒ සඳහා එකඟතාව පළකර ඇති බව සඳහන්.

ඒ අනුව පළමු එන්නත් මාත්‍රා තොගය මෙම මාසය තුළ නැව්ගත කිරීමට සැළසුම් කර ඇති බව සීරම් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ අසල්වැසි රටවල හමුදා බලඇණි වලට කොරෝනා එන්නත ලබාදීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනටමත් පියවර ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?