ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල මෙරට තුළ ඉදිරියටත් සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
අද (02) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට පැමිණි බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියේය.
ඒ අනුව වයස අවුරුදු 60ට වැඩි අවධානම් කලාපවල සිටින පුද්ගලයින්ට සහ සෙසු පිරිසට ඉදිරියටත් කොවිඩ් එන්නත ලබාදීම සාකච්ඡා වු බව ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කර වඩාත් සුදුසු ආකාරය පිළිබඳ ඉදිරියේ දී දැනුම්දෙන බව ද වෛද්‍යවරයා පැවසීය.
කෙසේනමුත් මීට පෙර වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර සිටියේ ලංකාව තුළ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත පළමු මාත්‍රාව ලබාදීමේ වැඩසටහන තාවකාලිකව නවතා දැමු බවය.




