ඇසල පෙරහැර හේතුවෙන් මහනුවරට විශේෂ රථ වාහන සැලැස්මක්

ඇසල පෙරහැර සදහා ක්‍රියාත්මක විශේෂ රථ වාහන සැලැස්මක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා සඳහන් කරයි. මෙය මහනුවර නගරය මූලික කර ගෙන ක්‍රියාත්මක කෙරේ.

පෙරහැර පැවැත්වෙන කාලය තුළ නගරයට වාහන ඇතුලු වීම අත්හිටුවනු ලබන අතර, පොදු ජනතාවට ගමන් කිරීම පහසු කරවීම සඳහා විකල්ප මාර්ග කිහිපයක් ද හඳුන්වා දී ඇතැයි පොලිසිය පවසයි.

පළමු කුඹල් පෙරහැර ආරම්භය සමඟ ආරම්භ වන මෙම වාහන සැලැස්ම අවසන් රන්දෝලි පෙරහැර හා පසුව පැවැත්වෙන දහවල් පෙරහැර අවසන් වනතුරු ක්‍රියාත්මක වේ.

කටුගස්තොට, නිත්තවෙල මාර්ගය සහ විද්‍යාරත්ත විදුහල අසල සිට පුෂ්පදාන විදුහල දක්වා දිවෙන මාර්ගය, ලේවැල්ල, රතුබොක්කුව, පේරාදෙණිය සහ විලියම් ගොපල්ලව මාවත යන ප්‍රදේශ අවට විකල්ප මාර්ග ලෙස භාවිත කෙරේ.

මෙම අවස්ථාව නිමිත්ත කරගෙන, මහනුවර නගරය තුළ වාහන නැවැත්වීම සීමා කිරීමටද රථ වාහන පොලිසිය පියවර ගෙන ඇත.

ඇසල පෙරහැර ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු නිලධාරීන් 6000කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරි යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22