ඇල්ල – වැල්ලවාය මාර්ගයේ නාඳුනන මළසිරුරක්

ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් පේරකැටිය ප්‍රදේශයේ ඉඩමක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ දී හඳුනාගත නොහැකි ආකාරයෙන් එය නරක් වී තිබී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙසේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන තෙක් තතහවුරු වී නොමැති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්