ඇල්ල බස් අනතුරින් මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ මූලිකත්වයෙන්

ඊයේ (24) රාත්‍රියේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සියළු දෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාවේ සහ තංගල්ල වෙළද සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ සඳහන් කළා.

නගරාධිපතිවරයා පැවසුවේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් හා සාකච්ඡාකර එම අවසන් කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර නගරාධිපතිවරයා සඳහන් කර සිටියේ, මියගිය පුද්ගලයින්ගේ මෘත දේහ රෝහල්වලින් නිකුත් කිරීමෙන් අනතුරුව ඒවා තංගල්ලට ගෙනවිත් අවසන් කටයුතු වෙනුවෙන් සූදානම් කිරීමට තංගල්ල ප්‍රදේශයේ මල්ශාලා කිහිහිපයක්ම මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.

එමෙන්ම මියගිය සියලුදෙනාගේ අවමඟුල් කටයුතු එක දිනයක පැවැත්වීම පිළිබඳවත් අවදානය යොමුව ඇති බව සඳහන් කළ නගරාධිපතිවරයා ඒ පිළිබඳව ද මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් සමඟ සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම එම සියලුම දේහය අවසන් කටයුතු සිදුකිරීමට පෙර මහජන ගෞරව දැක්වීම සඳහා පැය 02ක පමණ කාලයක් තංගල්ල නගර සභාවේ තැන්පත් කර තිබීමේ සූදානමක් පවතින බව ද නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ සඳහන් කළා.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ මියගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දැක්වීමට අනතුර සිදුවූ ප්‍රදේශය අයත් ඇල්ල ප්‍රදේශීය සභාවද කැමැත්ත පළකර ඇති බවයි.

ඊයේ (04) රාත්‍රී 9.20ට පමණ සිදු වූ මෙම බස් රථ අනතුරින් පුද්ගලයෙක් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්වූවන් අතර, තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ රූපසේන ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු ද සිටිනවා.

ඵදිනට සියලුම දේහයන් පැය 2කට පමණ කාලයකට තංගල්ල නගර සභාවට ගෙනඵ්මට අපේක්ෂා කරන බවත් ඵ් පිළිබඳව ද මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

සිදුකිරීමට කටයුතු කරන බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණ පල්ලියගුරුගේ පවසනවා .

ඔහු කියා සිටින්නේ මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු තවමත් බදුල්ල රෝහලේ සිදුකෙරෙමින් පවතින බවයි.

අද(05)රාත්‍රී දේහයන් ආදාල නිවෙස්වලට භාරදෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවද නගරාධිපතිවරයා සඳහන් කරනවා.
.
අවමගුල් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අද රාත්‍රී විශේෂ සාකච්ඡාවක් මියගිය සාමාජිකයින්ගේ පවුල්වල පිරිස් සමඟ පැවැත්වීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා සඳහන් කළා.

මීට අමතරව මෙම අවමගුල් කටයුතු එක දිනයක පැවැත්වීම පිළිබඳවත් ඵදිනට සියලුම දේහයන් පැය 2කට පමණ කාලයකට තංගල්ල නගර සභාවට ගෙනඵ්මට අපේක්ෂා කරන බවත් ඵ් පිළිබඳව ද මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් සමග සාකච්ඡා කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59