spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමෙරිකානු නියෝජ්‍ය සහකාර ලේකම් හිටපු ජනපති මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර හමුවක් ඊයේ (14)දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහි දී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත ව තිබෙනවා.

එම සාකච්ඡාවේ පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට නියමිතය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සජින්ද වාස් ගුණවර්ධන, ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ සභාපති ආචාර්ය චමිල ලියනගේ ද සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?